තරගාවලි ජයග්‍රහණයත් සමග දෙවැනි ටෙස්ට් තරගයත් ලකුණු 192කින් දිනුම්…

පස්වන දිනයේ කාර්තු දෙකක් එහෙම්මම ඉතිරිය. බංගලි තරු පරවී ගොස් ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම දැවැන්ත ලෙස දිනුම්ය. එය ලකුණු 192ක දිනුමකි.

පළමු ඉනිමේ අප තබා තිබූ වැඩි ලකුණු අන්තරය සලකා බැලුවොත් දෙවැනි වරත් බංගලාදේශ කණ්ඩායමට පිතිකරණයට ආරාධනා කළා හොඳ යැයි සිතෙන්නේ ඔවුනු ලකුණු 318කට දැවී ගිය අයුරු සිතන විටය.  ඔවුන් දැවී යන්නේ ඉනිම දෙකේමදීම ලකුණු 496ක් පමණක් රැස් කරගෙනය.  අපේ මුල් ඉනිමේ ලකුණු ගණන වූ 531ට වඩා ඒ ලකුණු ගනන ලකුනු 35කින් අඩුය.

කොහොමත් මේ ගැහැල්ල නම් මරුය.

ඊයේ සිව්වන දිනයට බංගලාදේශ කණ්ඩායම  තරගය නිමා කරන්නේම පරාජය දවසක් දීර්ඝ කරගැනීම සදහා පමණය. ජයග්‍රහනය සඳහා ලකුණු 511ක් හඹා ගිය  බංගලාදේශ කණ්ඩායම ලකුණු 268කට කඩුළු 07ක් දැවී ගොස් තිබුණේය. ඔවුන් සිටියේ ජයග්‍රහණයට ලබා ගත යුතු ලකුනු 242ක් පසුපසිනි. මෙහිදි හසන් මිරාස් ලකුණු 44ක් සහිව කඩුල්ලේ සිටියේය. ඔහු සමග  ටයිජුල් ඉස්ලාම් සිටියේය. පන්දු ඕවර 67ක් යවා තිබිණි.


දිනයේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ ටයිජුල් ඉස්ලාම්ය. ඔහු ලකුනු 14කට දවා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වන්නේ ඉනිමේ 72වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දීය. එනම් අද දිනයේ යැවූ 6වැනි පන්දු ඕවරයේ දී ය. ගලී හි පන්දු රැකි නිශාන් මධුශ්ක එම උඩපන්දුව ලබා ගත්තේය.

අනතුරුව හසන් මහමුද්ගේ සහ ඛලීඩ් අහමඩ්ගේ කඩුලු දවා ගැනීමට ලහිරු කුමාර සමත් වූයේය.  හුදකලා සටනක නිරතවෙමින් මේදි හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් සහිතව එක් අන්තයක සිටියේය.  අද දිනයේ යැවූවේ පන්දු ඕවර 18ක් පමණි. බංගලාදේශ කන්ඩායම ලකුණු 318කට දැවී යන්නේ අපට ලකුණු 192ක දිනුමක් සමගිනි.

මේහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 81ක්

තරගයේ වීරයා මුල් ඉනිමේ ලකුණු 92ක් ලබා ගෙන තමන් පන්දුකරණයට කැඳවූ දෙවැනි ඉනිමේ දී ලකුණු 32ට කඩුළු 03ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස්ය. කමිඳු ටෙස්ට් තරග දෙකේ ඉනිම 04ක් ක්‍රිඩා කළේය. ඔහුව පළමු වරට පන්දු යැවීමට කැඳවූයේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ය. ලබාදුන් මුල්ම අවස්ථාවේදීම ඔහු කණ්ඩායමට වගකීම ඉටු කළේය.

දෙවැනි ඉනිමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් ලැබුවේය. ලහිරු පන්දු ඕවර 15ක් මෙම ඉනිම තුළ යවා තිබිණි.  කමිඳු මෙන්ඩිස් ද මනරම්ය. ඔහු ලකුණු 32ට කඩුළු 03කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 99කට කඩුලු 02කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 39කට කඩුල්ලකි.

පළමු ඉනිමේ සාරාංශය

පළමු ඉනිමේ ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක වාර්තා රැසක් සහිතව ලකුණු 531ක් රැස් කළේය. එය ශතක නැති ඉනිමකි. කුසල් මෙන්ඩිස් ලකුණු 93ක්, කමිඳු මෙන්ඩිස් ලකුනු 92ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, නිශාන් මධුෂ්ක ලකුණු 57ක් ලෙස අර්ධ ශතක 06ක් ඉනිමෙන් වාර්තා වූයේය. ශතක නැතිව කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුනු ගණන ලෙස මෙම ඉනිම ලෝක වාර්තා පොතට එක් විය.  කමිඳු සිය ප්‍රථම ටෙස්ට් ඉනිම තුනේදි වැඩිම ලකුණු ලබාගෙන සිටි ජාවෙඩ් මියන්ඩාඩ්ගේ වාර්තාව සම කළේය.

පළමු ඉනිමේ දී බංගලාදේශ කණ්ඩායම ලකුණු 178කට ඇද වැටුනේ ලකුණු 353ක අන්තරයක් සහිතව ශ්‍රි ලංකා කණ්ඩායම උඩින් තබමිනි. මුල් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කලේ අසිත ප්‍රනාන්දුය. ඔහු ලකුණු 34කට කඩුලු 04ක් බිඳ හෙළුවේය. විශ්ව ප්‍රනාන්දු ලකුණු 38ට කඩුළු 2ක්, ලහිරු කුමාර ලකුණු 19ට කඩුළු 02ක්. ප්‍රභාත් ජයසූරිය ලකුණු 65ට කඩුළු 02ක් ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැදගත් වන්නේ බංගලාදේශය තුළ ඔවුන්ගේ උපරිම ජවය සහිතව කළ ටෙස්ට් ක්‍රීඩාවකදී 2-0 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයක් ලැබීමය.

Exit mobile version