අවිශ්ක නිදහස්… අයි.සී.සී. ක්‍රිකට් තහනම ඉවතට…

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිෂ්ක ගුණවර්ධනට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) තීරණය කර තිබේ.

මීට වසර දෙකකට පමණ පෙර අයි.සී.සී.ය විසින්   ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යකට සහභාගිවීමට නොහැකි ආකාරයට අවිශ්ක වෙත තාවකාලික  ක්‍රිකට් තහනමක්   පැනවීය.

ඒ වනවිට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කරුවෙක් ලෙස කටයුතු කරමින් සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරග පවා දීමේ චෝදනාව අවිශ්කට එල්ල වන්නේ ඒ අතරතුරය.  අබුඩාබිහිදී 2017 වසරේ පැවැති ටී10 තරගාවලියේදී තරග පාවාදුන්නේ යැයි ඔහුට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවිෂ්ක දිගින් දිගටම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය.

Exit mobile version