හැටන් රංජිත් රාජපක්ෂ –
අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි (26) නැමති එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැති සිගිත්තියයි.
සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය සහ තම විවහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තබා අද (23) උදැසන සිය සිඟිති දියණිය සමග වැවට පැන තිබේත
ඇය පැන ඇත්තේ ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවකටය.
වැවට පැන සියදිවි හානි කරගෙන ඇති කාන්තාවගේ සිරුර වැවෙහි පාවෙමින් තිබෙන බවත්, සිගිත්තියගේ සිරුර වැවෙහි අතුරුදහන් වි ඇති බවත් පොලිසිය කීවේය.
ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර පැවසුවේ ඉදිරි පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බවය.