13 ඊටත් වඩා වැඩි බලතල සහිතව බල ගැන්විය යුතු බව කීමට හිමිවරු පිරිසක් ආගමික නායකයින් සමග යාපනයට යති!

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනහිර අර්බූදයට විසදුමක් වශයෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලතලවලටත් වඩා බලතල ලබා දිය යුතු බව යාපනයට පැමිණි සංඝයා වහන්සේ ඇතුළු ආගමික නායකයෝ පිරිසක් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා හමුවී ඊයේ (07) පැවසූහ.

යාපනයේ අන්තර් ආගමික කණ්ඩායම විසින් කරණ ලද ආරාධනයකට අනුව දකුණේ ආගමික සංවිධාන කීපයක නායකයෝ යාපනයට පැමිණ ආණ්ඩුකාරවරයා හමු වී සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාවෙන් පසුව පැමිණ සිටි ආගමික නායකයින් කියා සිටියේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිමිවිය යුතු ඉඩම් හා පොලිස් බලතලද උතුරු නැගෙනහිර පළාත් වලට ලබා දිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී බලතල බෙදීමකින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීම ඉතාම කාලෝචිත අවශ්‍යතාවයක් බවත් එම උත්සාහයට තම ආගමික සංවිධාන වල පූර්ණ සහය ලබා දෙන බවත් ඔවුහු කියා සිටියහ.
සියලුම ආගම්වලට සමානාත්මතාවයකින් යුතුව සැලකිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට රජය ඒ ඒ ආගම්වල සුරක්ෂිතතාවය රැකිය යුතු බවත් යාපනයට පැමිණි ආගමික නායකයෝ කියා සිටියහ.


දෙමළ ජනතාවට ලබාදීමට නියමිත බලය බෙදාහැරීම සම්බන්ධයෙන් සිංහල ජනතාව තුළ පවතින දැවැන්ත සැකය සහ බිය දුරු කිරීමට දකුණේ පූජකවරුන් යාපනයට පැමිණ ඇති බව යාපනය අන්තර් ආගමික කමිටුවේ ලේකම් අරුද්පානි ජසැක් ඩැනියෙල් ඩික්සන් පැවසීය.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඒ ලෙසම ලබාදිය යුතු බව දකුණේ බෞද්ධ පූජකවරුන් 20 දෙනෙකු ප්‍රකාශ කළ බව යාපනය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ ලේකම් ජසක් ඩැනියෙල් ඩික්සන් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය සර්වාගමික කමිටුවේ ලේකම්වරයා සඳහන් කළේ 13 වැනි සංශෝධන පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඊට අදාළ බලතල ලබාදිය යුතු බවත් උතුරේ හමුදාව සතු ඉඩම් නිදහස් කර නිදහස් කළ යුතු බවත් දකුණේ බෞද්ධ පූජකවරුන් 20 දෙනා පිළිගත් බවයි.

Exit mobile version