වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 300,000 ක පිරිසක් කොවිඩ් මර්දන එන්නත් කිසිදු මාත්රාවක් ලබාගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.
කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත් වන වැඩිහිටි පුද්ගලයන්ගෙන් හතරෙන් තුනක් කිසිදු එන්නත් මාත්රාවක් ලබා නොගත් පුද්ගලයන් බව ද ඇමැතිවරයා ප්රකාශ කළේය.
වැඩිහිටි ජනතාව වහාම එන්නත්කරණයට යොමු විය යුතු බවත් නොඑසේ නම් වයිරසය ආසාදනයෙන් සිදු වන සංකූලතා දරුණු වීමෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය.
තමා ජීවත් වන ප්රදේශයෙන් ලබාදෙන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් ලබා ගැනීමට වැඩිහිටි ජනතාව යොමු විය යුතු යැයි ද, තමාට ලැබෙන එන්නත හොඳම එන්නත යැයි සිතා එන්නත්කරණයට යොමු වීමෙන් වයිරසය ආසාදනයෙන් සිදු වන සංකූලතා අවම කර ගත හැකි යැයි ද ඇමැතිවරයා කීය.
කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්රා 11,879,851 ක් ද, දෙවැනි මාත්රා 4,616,266 ක් ද ජනතාවට ලබා දී ඇත.