හරක්කටා සහ කුඩු සළිඳු රටට ගෙනෙයි…

විවිධ අපරාධ රැසක්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍යව සිටි කුප්‍රකට පාතාල කල්ලි නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්වන නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂිත ගුණරත්න අද (15) පෙරවරු 7.20ට පමණ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

මෙම අපරාධකරුවන් දෙදෙනා  රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පසුගිය  පිටත්ව ගිය අතර ඔවුන් කෙන්යාව, ඉන්දියාවේ මුම්බායි  හරහා මෙරටට පැමිණ තිබුණි.

මොවුන් බාර ගැනිම සඳහා අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන   විශේෂ කණ්ඩායමක් කටුනායක  ගුවන් තොටුපලට පැමිණ සිටියහ.

කෙසේ වෙතත් මේ වනවිට සළිඳු මල්ෂිත ගුණරත්නගේ මව ඔහුගේ පුතා පොලිස් අත්අඩංගුවේ දි  මරා දැමීමේ අවදානමක් ඇති බවට උසාවියට රිට් පෙත්සමක් මගින් කරුණු වාර්තා කර තිබේ.


ඇය මානව හිමිකම් කොමිසමට ද ඒ සම්බන්ධ පැමිණිල්ලක් ගොනු කර ඇත. පොලිසියේ ඉහළම තලයේ ප්‍රධානීන් කීප දෙනෙක් සමග කුඩු සළිඳු පැවැත්වූ සම්බන්ධකම් පිළිබඳව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ද හෙළි කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සළිඳු මේ රටට ගෙන්වීමත් සමග රටේ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙක් බරපතල ලෙස කලබලයට පත් වී ඇති බව ද වාර්තා වේ.

Exit mobile version