හදිසි නියෝගයක් ලැබිලා.. දුමින්ද නිදහස් කිරීමේ සියලු කටයුතු සිදුකර ඇත්තේ ඉතා රහසිගතව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු පුද්ගල ඝාතනයේ වරදකරුවෙක් වී මරණීය දණ්ඩනය නියමව සිටි ආර්.දුමින්ද සිල්වා අද(24) නිදහස් කිරීමට අදාල සියලු කටයුතු බන්ධනාගාරය හා අමාත්‍යාංශ මට්ටමින් ඉතාම රහසිගතව සිදුවී ඇති අයුරු වාර්තා වේ.

හදිසියේ ලද නියෝගයක් ප්‍රකාරව අදාල අමාත්‍යාංශවල හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් ඉතාම රහසිගතව ඔහුව නිදහස් කිරීමට අදාල ලිපි ලේඛන ඇතුළු සියලු කටයුතු සිදුකර තිබේ.

සාමාන්‍යයෙන් සිරකරුවෙක් නිදහස් කිරීමට උපයුක්ත පටිපාටියේ දී අනුමගනයවන පිළිවෙත අනුව බන්ධනාගාරයේ ඉහළ පරිපාලන නිලධාරීන්වත් දුමින්ද සිල්වා අද නිදහස් වන බවට දැනුවත්ව සිට නැත.


නිලධාරීන් අතට පතවන නිදහස ලබන සිරකරුවන්ගේ පොදු ලේඛණයේ දුමින්ද සිල්වාගේ නම ඇතුළත්ව නොතිබුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග හෙළි කළේය.

දුමින්ද සිල්වා බන්ධනාගාරය තුළ සිටින වකවානුවේ වැඩිම කාලයක් ගත කළේ බන්ධනාගාර රෝහලේ විශේෂ ඒකකයක. එම ඒකකයෙන් ඔහුව නිදහස් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාම පැමිණ තිබුණු අතර ඔහු සමග පැමිණ සිට ඇත්තේ විෂය භාර නිලධාරියා පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාරයෙන් පිටතට පැමිණි දුමින්ද සිල්වාව රැගෙන යෑමට ඔහුගේ පියා පැමිණ සිට ඇත.

Exit mobile version