හදවත් සැත්කම් කිරීමට සිටින දරුවන්ට සුබ පණිවිඩයක්! දරුවන් 75ක් සැත්කම් සඳහා ඉන්දියාවට යැවීමට සූදානම්…

නොමිලයේ ඉන්දියාවෙන් සැත්කම් කර ගැනීමට අවස්ථාවක්....

හදවත් සැත්කම් කිරීමට නියමිත දරුවන් 75 දෙනකු සඳහා නොමිලයේ සැත්කම් කර ගැනීමේ අවස්ථාවක් හිමිව ඇතැයි කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහල පවසයි.

මෙම ව්‍යාපෘතියේ දේශීය හවුල්කරු වන්නේ 2095018 ගෝලීය ප්‍රදාන යටතේ බටහිර කොළඹ රොටරි සමාජයයි.

මෙම ප්‍රදානයේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් 200,000කි. ඉන්දියාවේ රොටරි සමාජ සහ රොටරි ඉන්ටර්නැෂනල් විසින් අරමුදල් සපයනු ලැබේ.

ශල්‍යකර්ම සඳහා ළමුන් 75 දෙනෙකුට ඉඩ ලබා දෙන අතර ඒය Tetralogy of Fallot සහ VSD සඳහා, හෘද දැඩි සත්කාර ඒකකයේ හෙදියන් සහ වෛද්‍යවරුන් සඳහා පුහුණුව හා Fetal Echocardiography පිළිබඳ වැඩමුළු සදහා අරමුදල් වෙන් කෙරේ.


ඉන්දියානු රෝහල් සහකරු වන්නේ කොචි හි Amrita Institute of Medical Sciences වේ.

සැත්කම් සදහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් රිජ්වේ ආර්යා රෝහලට 0112 693711 හෝ 0112 693712 දිගු අංකය 327 (15 වාට්ටුව) අමතා ඔබේ දරුවාගේ විස්තර ලබා දිය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාෘතිය මැයි මස මුල සිට ආරම්භ කිරීමට නියමිතය.

Exit mobile version