සියල්කෝට් හි ප්‍රියන්ත කුමාර ඝාතන නඩුව අවසන්… 06කට මරණ දඬුවම… 09ක් දිවි ඇති තෙක් හිරේ…

පකිස්ථාන් ආගමික අන්තවාදී මැර පිරිසක් විසින් පහර දී මරා මහ මග පුලුස්සා දැමූ සියල්කෝට් හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් වූ   ප්‍රියන්ත කුමාර සළුවඩන ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් හය දෙනෙකුට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය අද (18 ) මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඝාතන නඩුවේ පුද්ගලයන් 89 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබූ අතර ඉන් නව දෙනෙකු බාලවයස්කරුවෝ වෙති. මේ අතරින් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ  අතර  වරදකරුවන් 72 දෙනෙකුට වසර දෙකක සිර දඩුවම් නියම කෙරිනි. මේ අතර, එක් වරදකරුවෙකුට   වසර පහක සිර දඬුවමක් නියම කරන ලද අතර එක් පුද්ගලයෙකු නඩුවෙන් නිදහස් කර තිබේ.

මරණ දඬුවම නියම වූවන් වූයේ  අලි හුසේන්, අබු තල්හා, මුහම්මද් හමීර්, තයිමූර්, අබ්දුල් රෙහ්මාන් සහ මොහොමඩ් අර්ෂාඩ්  නැමති චූදිතයන්ය.

මේ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වැරදිකරුවන් නව දෙනා වූයේ රොහයිල් අම්ජාඩ්, මොහොමඩ් ෂොයිබ්, එතිෂාම්, ඉම්රාන් රියාස්, සජිඩ් අමීන්, සයිගම් මෙහෙදි, අලි හම්සා, ලුක්මාන් හයිඩර් සහ අබ්දුල් සබූර් යන චූදිතයන්ය.

පසුගිය වසරේ, පන්ජාබ්හි සියල්කොට් නගරයේ කම්හල් කළමණාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි ප්‍රියන්ත කුමාර සළුවඩන ආගමික අන්තවාදී මැර පිරිසක් විසින් මෙසේ පහර දී මරා පුලුස්සා දැමා තිබිණි.    එවකට අගමැති ඉම්රාන් ඛාන් මේ නින්දිත  ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවට සපථ කළේය. එය ශපථ කිරීම ඒ ආකරයෙන්ම ඉටු කළේය. ය


ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කොට් ලක්පට් බන්ධනාගාරයේ දී නඩු විභාගය අවසන් කරන ලදී.

දිනපතා විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වය යන දෙපාර්ශ්වයම තම තර්කය අවසන් කර තිබුණි. විමර්ශන නිලධාරීන්ගේ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනිසුරු නතාෂා නසීම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඊට අමතරව ඝාතනය සිදුවූ ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා 10ක දර්ශන මෙන්ම විත්තිකරුවන් 55 දෙනෙකුගේ ජංගම දුරකථනවලින් ලබාගත් වීඩියෝද සාක්ෂි ලෙස ඉදිරිපත් විය.

Exit mobile version