සහෝදරත්වයෙන් ඉන්න සිංහල – මුස්ලිම් ජනතාව බිඳවන්නේ දේශපාලකයෝ! මල්වතු මහා නා හිමි අරාබි තානාපතිවරුන්ට කියති…

ශ්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයින් බවත් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහමියෝ පලස්තීන,ඊජිප්තු සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ.

බලය සඳහා ඇතැම් දේශපාලනඥයින් ජනතාව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන් කරන බවත් මේ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාති හා ආගම් වශයෙන් බෙදීම් පවතින බවට ජත්‍යන්තරයට වැරදි පණිවිඩයක් යන බවත් උන්වහන්සේ කීහ.

මෙරටට මත්ද්‍රව්‍ය බහුලව ඇදී එන්නේ ඇතැම් මුස්ලිම් රටවල් ඔස්සේ බැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානයක් අදාළ රටවල් යොමු කළ යුතුව තිබෙන බව  මත්ද්‍රව්‍යය හේතුවෙන් ජාති, ආගම් බේදයෙන් තොරව විශාල පිරිසක්  පීඩාවකට පත්ව සිටින බවත් මෙම මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවන්ට වැට බැදීමට මුස්ලිම් රටවල් අත්වැල් බැඳගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Zuhair M.H Dar Zaid,ඊජිප්තු තානාපති Maged Mohieldin Nafei Mosleh,එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Sulaiman AlAmeri   අද  (17) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආරාබි කවුන්සිලයේ රටවල් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළහ.


මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික මහවෙල රතනපාල නාහිමියන් ද සහභාගි විය.

මෙරට සියලු ජන කොටස් බිම් මට්ටමේ ඉතා සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන බවත් මහනුවර මෙන්ම රිදියගම මුස්ලිම් පල්ලි ඉදිකර තිබෙන්නේ බෞද්ධ විහාරස්ථාන වලට අයත් ඉඩම්වල බවත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

අරාබි කවුන්සිලයට අයත් රටවල් මගින් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කරන බවද මහනාහිමියෝ අවධාරණය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතියක්,ආගමක් හෝ ආගමික සිද්ධස්ථානයක් ඉලක්ක දියත් කරන ප්‍රචණ්ඩත්වය හෙළා දැකිය යුතු බවත් ආරබි කවුන්සිලයේ රටවල් ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන බවත් තානාපතිවරු පැවසූහ.

Exit mobile version