සන්නද්ධ මස් වැද්දෝ පොලොන්නරු පුදබිමට වැදී මුවන් මරති… රැකවලුන් අසරණයි…

දැනුත් මුවෙක් මරාගෙන ගිහින්...

පොලොන්නරුවේ නීති විරෝධී ගිනි අවි සහිත මස්වැද්දන් පොලොන්නරුව ඓතිහාසික පුදබිම තුළට රාත්‍රියේ කඩා වැදී එළිපිටම මුවන් මරාගෙන යන බව  පුදබිමේ ආරක්ෂක පිරිස් පොලිසියට පැමිණිලි කර තිබේ.

අද (24) මීට ස්වල්ප වෙලාවකට පෙර තිවංක පිළිමගෙය සහ නෙළුම්පොකුණ අතර දී මුවෙකුට වෙඩි තබා මරාගෙන ගොස් ඇති බවත් ගිනි අවි සහිතව රාත්‍රියේ එළියට එන මේ ජාවාරම් කරුවන් සමග හිස් දෑතින් රාජකාරි කළ නොහැකි බවත් මෙම ආරක්ෂක පිරිස් පවසා තිබේ.

අද අළුයම 2ට පමණ මේ ආකාරයෙන්ම යතුරු පැදි දෙකකින් ගිනි අවි සමග මුවෙක් පසුපස පන්නාගෙන පැමිණි දඩයක්කරුවන් දෙදෙනෙක් රැකවලේ සිටි සිවිල් ආරක්ෂකයන් දැක ඔවුන්ට ගිනි අවි මානා පැනගොස් තිබේ.


මේ සම්බන්ධව ද අද අලුයම ගල්විහාර පොලිස් ඒකකය වෙත පැමිණිලි කර ඇත.

“ මොනවා කරන්නද තේරෙන්නෙ නෑ. මුං එළිපිට ඇවිත් රක්ෂිතයෙ මේ මුව රංචුව මරාගෙන යනවා. අපි රැකවලේ හිටියට තුවක්කු අරන් එන උන් ඉස්සරහා කරන්න කිසිම දෙයක් නෑ. පූජා භූමියට ඇතුළුවෙන්න අතුරු පාරවල් ගණනාවක් තියනවා. ඒ පාරවල් ආවරණය කරන්න කවුරුත් රාජකාරියෙ නෑ. මේ රක්ෂිතයෙ ඉන්න සත්තු විතරක් නෙමෙයි… මේ මහා පුරාවස්තු සමූහයත් අනතුරක…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැකවලෙහි යෙදෙන නිලධාරියෙක් ලංකාසරට කීවේය.

 

Exit mobile version