අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කළ පාරිභෝගික ද්‍රව්‍ය සතොසට දීමට තීරණයක්

covid meeting

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබා දෙන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා අද අදාළ බලදාරීන්ට උපදෙස් දුන්නේය.

සංචරණ සීමා ක්‍රියත්මක වන සමයේදී ජනතාවට අපහසුකාවකින් තොරව සහන මිලකට අදාළ භාන්ඩ ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස ස උපදෙස් දී ඇති ජනාධිපතිවරයා මෙම භාණ්ඩ දිවයින පුරා ඇති සතොස ගබඩාවලදී මලු ලෙස ඇසිරීමට රැකියා ලක්ෂය සඳහා බඳවාගත් කාර්ය සාධක බලකා සාමාජිකයන් යොදා ගන්නා ලෙසද උපදෙස් දී ඇත.

අද පෙරවරුවේ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කොට ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Exit mobile version