සතුට තාවකාලිකයි… ඉහළ ට යන රුපියලට වසර අවසානයේ මෙතෙක් නොවූ බරපතල බිඳ වැටීමක…  ෆිච් අනතුරු අඟවයි !

economy

පසුගිය දින කිහිපය තුළ වේගයෙන් අගය වැඩි වීමට ලක්වූ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව යළිත් බිඳ වැටීම් ඉඩක් පවතින බවත් මේ  වසර අවසානය වනවිට රුපියලේ අගයට සාපෙක්ෂ ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 390ක් දක්වා පහළට යා හැකි බවටත්   ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන ෆිච් සොලූෂන්ස්  ආයතනය පවසයි.

මෙම ආයතනය පවසන්නේ මේ වනවිට ණය ගෙවීමේ පැහැර හැර සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහනය ලැබීමෙන් පසුව ක්‍රමයෙන් සිය  ණය අපසු ගෙවීමේ ක්‍රියාවලිය  ආරම්භ කිරීමට සිදුවනු ඇති බවය.

මේ හරහා ඩොලරය මත ඇති වන පීඩනය හේතුවෙන් යළිත් රුපියලේ අගය අවපාතයට ලක්විය හැකි බව ෆිච්  ආයතනය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන එම  ආයතනයේ ශ්‍රි ලංකාවේ මූල්‍ය අවදානම් විශ්ෂෙක ෂෙ වෑන් ටින්ග් පවසන්නේ  2023 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලැබෙනු  ඇති බවය.


එසේ වුවද, දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය  සහ යෝජනා වී ඇති පළාත් පාලන මැතිවරණයක් අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගත් වැඩසටහන සමඟ රැඳී සිටීම ශ්‍රි ලංකාවේ බළධාරීන්ට මහත් අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අදහස වී තිබේ

පසුගිය වසරට සාපෙක්ෂව සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියලේ අගය සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 317ක මට්ටමට ඉහළ නැංවුණද වසර අවසන් වන විට ඩොලරයක් සඳහා වාර්තාගත අවම අගයක් විය හැකි රුපියල්  390 දක්වා රුපියල දුර්වල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලැබුණද රටේ විදේශ සංචිත ප්‍රමාණය ආරක්ෂක මට්ටමක් දක්වා වර්ධනය වන තෙක් එම මුදල් පරිහරණය කළ නොහැකි විමත් 2029 වසර දක්වා සාමාන්‍යෙයන්  වසරකට ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප්‍රමාණයක ණය ආපසු ගෙවීම්ද සිදු කිරීමට ඇති නිසා ඩොලරය හමුවේ පීඩනයක් එල්ල විය  හැකි බවත් මේ අනුව යළි ඩොලරයේ අගය ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවත් ෆිච් ආයතනය පවසයි.

 

Exit mobile version