සංචරණ සීමා මැද ගම්පහ සිට පදියතලාවට යන්න ගිය ව්‍යාපාරිකයා ගිනි අවි සමග කොටු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා පනවා තිබියදී පැජරෝ රථයකින් ගමන් ගනිමින් සිටි ව්‍යාපාරිකයෙකු රිවෝල්වරයක් හා ජීව උණ්ඩ තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (14) අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා තෙල්දෙණිය පොලීසියට බාර දී ඇත.

මෙම ව්‍යාපාරිකයා ගම්පහ සිට පදියතලාව දක්වා ගමන් ගනිමින් සිටියදී තෙල්දෙණියේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එය පරීක්ෂාවට ලක්කර තිබේ.

අදාළ පැජරෝ රථයේ බීඩි තොගයක්ද තිබූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස් පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version