ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවී තිබේ.

ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළේය.

දෙරට අතර පවතින ආරක්ෂක අංශ, විශිෂ්ඨ සහයෝගීතාව සමාලෝචනය කරමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන තිබේ.


වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ ආරක්ෂක අමාත්‍යවරයාට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා වෙරළට ඔබ්ඛෙන් නිව් ඩයමන්ඩ් හා එක්ප්‍රස් පර්ල් යන නැව්වල ඇති වූ හදිසි ගිනිගැනීම් කාර්යක්ෂමව පාලනය නොකළේ නම්, සිතාගත නොහැකි තරමට කලාපීය සාගරදූෂණයක් සිදුවනු ඇති අතර ඒවා පාලනය කිරීමට ඉන්දියාවට සහය වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා හමුදා භටයන්ට ලබාදී ඇති පුහුණු අවස්ථා පිළිබඳව ද සදහන් කළ හෙතෙම ඕනෑම අවස්ථාවක පුහුණුව ලබන ශ්‍රී ලංකා හමුදා භටයක් 700ක් පමණ ඉන්දියාවේ සිටින බව කියා සිටියේය.

රටවල් දෙකම සහභාගීවන ඒකාබද්ධ හමුදා සහ නාවික අභ්‍යාස පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ අතර දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. කොළඹ පවත්වන ලද ආරක්ෂක සමුළුව ලබා ඇති ප්‍රගතිය ද මෙහි දී සැලකිල්ලට ගැණින.

මහ කොමසාරිස් මොරගොඩ මහතා ‘ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාශ්ඨ උපායමාර්ග 2021/2023’ ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ආරක්ෂක අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී. මෙම රැස්වීමට මහ කොමසාරිස්වරයා සමග මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාවේ කොමදෝරු තුෂාර කරුණාතුංග මහතා ද සහභාගීවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන ශ්‍රී රාජ්නාත් සිං කීර්තිමත් සහ ප්‍රවීණ දේශපාලනඥයෙකි. 2019 මැයි මාසයේදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර ඔහු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ඉසිලීය. ශ්‍රී රාජ්නාත් සිං 2000 දශකයේ මුල් භාගයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇත. හෙතෙම දැනට ලෝක් සභාවේ සභාවේ නියෝජ්‍ය නායකවරයා ද වේ.

Exit mobile version