ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක් සමග ගමන අරඹයි!

අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංක

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර අද (02) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක්දින ජාත්‍යාන්තර තගරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14ක විශිෂ්ට ජයක් අත් කරගත්තේය.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විනි.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුණි.


එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස් කළේය. ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය.

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත් අතර ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින් දවාගත්තේය.

තරඟය ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 301ක ඉලක්කයක් හිමිවිය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරම්භක පිතිකරු යුවල වූයේ ජෙනෙමන් මාලන්  හා  ඒඩන් මක්‍රම් ය. මුල්ම කඩුල්ල ලෙස  10වන පන්දු ඕවරයේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට මාලන් වනිඳු හසරංගට ගොදුරු විය.

අනතුරුව විශිෂ්ට පිතිකරණය යෙදුණු මක්‍රම් පන්දු 90ක දී ලකුණු 96ක් ලබාගෙන සිටිය දී ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු වූයේය. දෙවන කඩුල්ල ලෙස ඔහු දැවී යනවිට ලකුණු 166ක් ලෙස ලකුණු පුවරුව දිස් විය.

නායක ටෙම්බා බවුමා ලකුණු 38ක් ලබා සිටිය දී ආබාධයකට ලක් වූයේය.

රසල් වෑන් වැන්ඩර් ඩුසේන් පන්දු 59ක දී ලකුණු 59ක්, හෙන්රිච් ක්ලාසන් පන්දු 31 ක දී ලකුණු 36ක්, ලබා ගත්තේය.

ප්‍රවීන් ජයවික්‍රම පන්දු ඕවර 10ක දී ලකුණු 47ට එක් කඩුල්ලක්, චාමික කරුණාරත්න  පන්දු ඕවර 3ක් යවා ලකුණු 18ට එක් කඩුල්ලක්, වනිඳු හසරංග පන්දු ඕවර 10ක් යවා ලකුණු 52කට එක් කඩුල්ලක්, අකිල ධනංජය පන්දු ඕවර 10ක් යවා ලකුණු 65කට කඩුළු 2ක් දවා ගත්තේය.

කඩුළු ලබා ගත නොහැකි වුවත් ධනංජය සිල්වාගේත් දුෂ්මන්ත චමීරගේත් පන්දු යැවීම මනරම් විය.  ධනංජය පන්දු ඕවර 8 යවා ලකුණු 35ක් පමණක් ලබා දුන්නේය.

ලකුණු 300 හඹා යෑම පහසු නැත. එහෙත්  තරගයේ 45 වන පන්දු ඕවරය වනවිටත් තරගය පැවතියේ දෙපාර්ශවයටම විවෘතවය.    තරගය ශ්‍රී ලංකාව දෙසට හැරුණු , තරගය වෙනස් කළ විශිෂ්ටම පන්දු ඕවරය 48 වැනි පන්දු ඕවරය ය.  දුෂ්මන්ත චමීර යැවූ එම පන්දු ඕවරයේ දී ලකුණු 06ක් පමණක් හිමි විය.  ඊට පදනම පෙර ඕවරය යැවූ වනිඳු හසරංගත් පසු ඕවරය යැවූ චාමික කරුණාරත්නත් නිර්මාණය කළහ.

49 වැනි පන්දු ඕවරය යැවූ චාමික කරුණාරත්න එක් කඩුල්ලක් සහිතව ලබා දුන්නේ ලකුණු 05ක් පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගය පුරාම දසුන් ශානකගේ විශිෂ්ට නායකත්වය වටා ගොනුවූ තරුණ ක්‍රීඩකයන්ගේ එක් තැන් වුණු ජවය දක්නට ලැබිණි. එය බලාපොරොත්තු දල්වන්නක් විය.

Exit mobile version