වෙරළට ගොඩගැසූ කැස්බෑ මරණවලට හේතුව හුස්ම ගැනීමේ අපහසුතාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමෙන් පසුව වෙරළට ගොඩගසාගෙන ආ කැස්බෑවුන්ගේ මරණවලට හේතුව හුස්මගැනීමේ අපහසුතාව නිසා සිදුවූවක් බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය පවසයි.

දකුණෙන් වයඹ සහ උතුරු වෙරළට ගොඩගසා තිබූ කැස්බෑවුන්ගේ මළ සිරුරු පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිවී ඇත.

මුහුදේ මතුපිට ඇති තෙල් තට්ටුවක් නිසා නිසි ලෙස වාතය මුහුදු ජලය තුළට නොයාම නිසා වාතය නොලැබීමෙන් මෙම කැස්බෑ මරණ සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගිනිගැනීම හා මුහුදුබත් වීම හේතුවෙන් එහි තිබූ ටොන් ගණනක තෙල් මෙලෙස ජලය මතුපිට රැඳී තිබීම මෙයට හේතුව බවට සැළකේ.

Exit mobile version