විශේෂඥ වෛද්‍ය ඉල්ලීමට හිස නමා ගුරුවරු විරෝධතා පා ගමන පස්යාලෙන් නවත්වති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාක්මත කළ නුවර සිට කොළඹ බලා ගමන් කරන විරෝධතා පා ගමන අද (07) පස්යාලේ නවත්වා තමන් ආරම්භ කළ විරෝධතාවය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කීහ.

කොවිඩ් අවදානම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත එම තීරණය ගත් බව පුජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේය.

“ඊයේ දවස වන විට විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු – විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා පවතින තත්ත්වය යටතේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට ගෙන රටේ පවතින තත්ත්වය සමඟ ඉදිරියේ දී අරගලය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස. ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා. අපේ මහානායක හාමුදුරුවෝ ප්‍රධාන අපිට ආශිර්වාද කළ සියලු පාර්ශව අපිව දැනුවත් කළා ගුරු – විදුහල්පතිවරුන් විදියට සංවේදීව අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනවා තාවකාලිකව.
කොවිඩ් වසංගතය අද ව්‍යවසනකාරී තත්ත්වයකට ඇවිල්ලා පැයකට 4 දෙනෙක් මියයන තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙල නිසා. ආණ්ඩුව මේ ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගොඩට දාලා ඇඟ බේරා ගැනීමේ උත්සහයක් ගනිමින් ඉන්නවා. මෙය තේරුම් ගත්ත අපි මෙම ව්‍යාපාරය තාවකාලිව අඩියක් ආපස්සට ගන්නවා. “

මේ පිළිබදව කළ විමසීමක දී ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව පැවසුවෙ සමාජ ඉල්ලීමට කන් දෙමින් මෙම විරෝධතා පා ගමන පමණක් නැවැත් වූ බවත් ඔන්ලයින් ඉගැන්වීම් ඇතුළු අනෙක් සියලුම විරෝධතා ව්‍යාපාර දියත් වී ඇති බවත්ය.

Exit mobile version