විනිසුරන් පාර්ලිමේන්තුවට ගෙන්වීමට පෙර හොඳට හිතල බලන්න! එංගලන්තයෙන් ආණ්ඩුවට පනිවිඩයක්

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත විසින් අභියෝගයට  ලක් කිරීම පිළිබඳව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ කවුන්සිලයේද අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සලය පවසන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන් පාර්ලිමේන්තු කමිටුවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම සුදුසුද නැද්ද යන්න  ඉතා ප්‍රවේශමෙන් නැවත සලකා බලනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය. එහිදී අධිකරණය විසින් ලබා දුන් නියෝගවලට රටේ ආණ්ඩුව අකීකරු විම සම්බන්ධයන් දැඩි සේ අවධානය යොමු කිරීමට   ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව එම කවුන්සිලය තවදුරටත් සඳහන් කරයි.

පලාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පටහැණි බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද සහ ආචාර ධර්ම කමිටුව හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් කැඳවිය යුතු බවට දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඊට පසුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම කමිටුව හමුවට කැඳවන තෙක් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි රාජ්‍ය ආයතනවලට නියෝග කරන ලෙස ඔහු පාර්ලිමේන්තු‍වෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව  එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ කවුන්සිලයේ සභාපති නික් විනෙල් කේසී උපුටා දක්වන මෙම නිවේදනයේ ප්‍රකාශ කරන්නේ ස්වාධීන අධිකරණයක් යනු නීතියේ ආධිපත්‍යයේ  අත්‍යවශ්‍ය සහ තීරණාත්මක කොටසක් වන අතර  ආණ්ඩු විසින් අධිකරණ නියෝග පිළිපැදීමේ මූලධර්මයද එලෙසින්ම පැවතිය යුතු බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවල සඳහන් වන්නේ “අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම බවත්  එම තත්ත්වය ආරකෂා කර ගැනීමට ශ්‍රි ලංකා රජය වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

Exit mobile version