විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීම කඩිනම් කිරීමට අගමැති මැදිහත්වෙයි

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීම සඳහා කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

මීට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් කැඳවමින් සිදු කළ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී විදෙස් ශ්‍රමිකයන්


ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබදවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවැසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.අරුමෛයිනායගම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ, ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහත්වරු එක්ව සිටියහ.

Exit mobile version