වසංගත සමයේ ගැබ්ගැනීම් වසරක් පමා කරගැනීමේ මතය වැරදියට තේරුම් අරන්…   ගබ්සා  කරගන්න ඉල්ලීම් වැඩි වෙලා… 

Pregnancy

ගර්භනී මව්වරුන්‌ගෙන් ඇතැමෙක් තම කුස තුළ වැඩෙන කළලය ගබ්සා කිරීමට මේ දිනවල වෛද්‍යවරුන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල්   සඳහන් කරයි.

ගර්භනී මව්වරුන් මෙවැනි ඉල්ලීමක් කිරීමට පෙළඹී ඇත්තේ පසුගියදා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුයෙකු කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වන තෙක් හැකිනම් වසරකින් ගැබ් ගැනීම් පමා කරන්නැයි කරන ලද ඉල්ලීම වැරදි ලෙස අවබෝධ කර ගැනීම  හේතුවෙන් යැයි වෛද්‍ය ලැනරෝල් මහතා අවධාරණය කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භනී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් ඒ බව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් තහවුරු කර තීබීමත් යන කරුණු මත  යැයි හෙතෙම පෙන්වාද‍ේ.


කොවිඩ් රෝගය මෙලොවට පැමිණී අලුත් රෝගයක් බැවින් එහි හැසිරීම පිලිබඳව තවමත් ලොව පුරා පවතිනුයේ ඉතා සීමිත දත්ත ප්‍රමාණයක් බැවින් හා තවත් වසරකින් පමණ මේ රෝගයට සෘජු ලෙසම බලපෑම් කළ හැකි එන්නත් හෝ ඖෂධයක් නිෂ්පාදනය කර ගැනීමට විද්‍යාඥයින්ට  හැකි වනු ඇති බැවින් වසරකින් ගැබ් ගැනීම පමා කිරීම කුස තුළ වැඩෙන දරුවාට මෙන්ම මවටද අදට වඩා යහපත් හෙටක් උදාවන ඇති බව ට විශ්වාසය තබමින් විශේෂඥ වෛද්‍යවරයා සිය පෞද්ගලික මතය ඉදිරිපත් කර ඇති බව වෛද්‍ය ලැනරෝල්  සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගෙන වහාම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමට කටයුතු කිරීමෙන් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට වයිරසය ආසාදනය වුවද ඇතිවිය හැකි සංකූලතාවන් වලක්වාගැනීමට හැකිවන බවද විශේෂඥවරයා පෙන්වාදේ

.කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුල වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බවට  ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී නොමැති බවද වෛද්‍යවරයා පැවසීය.

මෙරට එන්නත ලබාගත්  ගර්භනී මව්වරුන් ද මේ වන විටත් දරුවන් බිහිකර ඇති නමුත් එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නොමැති බව හෙතෙම සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත ලබාගත් මව්වරුන්ට වයිරසය ආසාදනය වුවද දැඩිසත්කාරයන් වෙත ඇතුළත් කිරීම වළක්වාගත හැකි වනු ඇතැයිද වෛද්‍ය ලැනරෝල්  පෙන්වා දෙයි.

Exit mobile version