රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
ඇමතිවරයා කියන්නේ ලිට්රෝ සමාගම වෙළෙඳපල ගෑස් ඉල්ලුමෙන් සියයට 85ක් සපයන සමාගම බවය. ලාෆ් ගෑස් සමාගම මිල වැඩි නොකිරීම හේතුවෙන් සිය වෙළෙඳපල මෙහෙයුම් අත්හිටවූ නිසා ඔවුනගේ ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දැමීමට ඉඩ දුන් බව ඇමතිවරයා කීවේය.
මෙම මිල වැඩිවීම ලබා දුනනේ ලාෆ් සමාගම ඉල්ලීම කළ මුදලට වඩා අඩු ප්‍රමාණයකින් බව ද ඇමතිවරයා කීය.
– ලංකාදීප –