ලක්ෂ 32ක ඔක්සි මීටර 4200ක් රේගුවෙන් පන්නන් හැදු ජාවාරම්කරු කොටු…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිෂ්කාශන නියෝජිතයෙක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර නීති විරෝධි ලෙස රැගෙන එන ලද ඔක්සි මීටර 4200ක් සමග පුද්ගලයෙකුව කටුනායක ගුවන්තොටුපලේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් ගුවන්තොටුපල පිටවීමේ පර්යන්ත දොරටුවේ දී අදාල භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමේ දී මෙම භාණ්ඩ තොගය සඳහා රේගු සටහන්, ජාතික නියාමන ඖෂධ අධිකාරියේ අනුමැතිය, ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බව ඒ සඳහා ආනයන බදු නොගෙවා ඇත් බව ද තහවුරු වී ඇත.

පෙට්ටි 21ක මෙම ඔක්සි මීටර 4200 අසුරා තිබී ඇති අරත එහි වටිනාකම රුපියල් විසි තුන් ලක්ෂ හතලිස් හතර දහස් හයසිය හතලිස් දෙකක් බව පැවසේ.

මෙම භාණ්ඩ රැගෙන එන ලද සැකකරු ඊයෙ (07) අලුයම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර තිබේ.

සැකකරුව මේ මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Exit mobile version