රුසියාවේ සිට ගිය ගුවන් යානයක් චීනයට ඩෙල්ටා ගෙන ගිහින්?

චීනයේ මේවන විට පැතිර යන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රැසියාවේ සිට පැමිණි ගුවන් යානයකින් ආරම්භ වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන පරිදි පළාත් 14ක ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගොස් ඇති අතර ආසාදිතයින් 328 ක් ජූලි මාසයේදී හඳුනාගෙන තිබේ.

මේ අතර ආසාදිතයින්ගෙන් 260 දෙනෙකුම රැසියානු ගුවන්යානයෙන් ආරම්භ වූ ආසාදිතයින් පොකුරට සම්බන්ධ බව චීන බලධාරීන් ප්‍රකාශ කරයි.


ඉකුත් ජූලි 10 වැනිදා රුසියාවේ සිට චීනයේ නැන්ජින්ග් නුවර ගුවන් තොටුපොලට පැමිණි ගුවන් යානකියන් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ආරම්භ විය.

අදාල ගුවන් යානයෙන් පැමිණි මගීන් අතර වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගෙන තිබූ අතර ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමට චීන බලධාරීන් පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් ගුවන් යානය පිරිසිඳු කළ පුද්ගලයින් අතර වෛරසය පැතිර යාමක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් වෛරසය තවත් විශාල පිරිසක් අතරේ පැතිර යාම සිදුව තිබේ.

මේ වන විට චීනයේ ජියැන්සූ පලාතේ මිලියන 9.2ක් වූ ජනතාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තදැයි පරීක්ෂා කර ඇති අතරම තවත් විශාල පිරිසක් හුදෙකලා භාවයට පත්කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීමට චීනය ඉතා දැඩි පියවර ගනිමින් සිටින අතර එරට පුරා වෛරසය පැතිරයාමට වහාම පියවරගන්නා ලෙස රජය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් ජූලි මාසයේදී පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව මෙම වසරේ මුල් මාසය 6දී වාර්තා වූ පිරිසට සමාන බවද චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය විසින් ජූලි 30 වැනිදා වන විට එරට තුල කොරෝනා මර්ධන එන්නත් බිලියන 1.6ක් ලබා දී ඇත.

Exit mobile version