රුසියානු ගුවන් ප්‍රහාරකින් යුක්රේනයේ ළමුන් 4ක් ඇතුළු 23ක් මියයති

රුසියානු ගුවන් හමුදාව විසින් අද (29) ඒල්ල කරන ලද ප්‍රහාරයකින් යුක්රේනයේ ළමුන් සිව් දෙනකු ඇතුලුව පුද්ගලයන් 23 දෙනකු මියගොස් තිබේ.

මධ්‍යම නගරයේ උමාන් හි මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් මෙලෙස 23 දෙනකු මියගොස් ඇතැයි බලධාරිහු පවසති.

ප්‍රාදේශීය නගරාධිපතිට අනුව ඩ්න්ප්රෝ නගරයේ කාන්තාවක් සහ ඇගේ තුන් හැවිරිදි දියණිය ඝාතනය කර ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තම හමුදාව ප්‍රහාරවලින් යුක්රේන හමුදා සංචිත ඒකක ඉලක්ක කර ඇති බවයි. රුසියාවේ RIA ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ රුසියාව සංචිත ඒකක ඉලක්ක කර ගනිමින් සිකුරාදා අධි නිරවද්‍ය ආයුධ භාවිතා කළ බවයි.


රුසියානු ප්‍රහාරයෙන් බොහෝ දුරට බේරී ඇති නගරයක් වන උමාන් ‍හි, මිසයිල ප්‍රහාරයකින් තට්ටු නවයක මහල් ගොඩනැගිල්ලක් අර්ධ වශයෙන් කඩා වැටී ඇත.

“මොකද වෙන්නේ කියලා මට තේරුම් ගන්න බැරි වුණා. මම බැල්කනියට ගිහින් බැලුවා හැමතැනම වීදුරු. ඒක භයානකයි,” 35 හැවිරිදි ඔලෙක්සැන්ඩර් බීබීසීයට පවසා තිබිණි.

“රුසියාව ත්‍රස්තවාදී රාජ්‍යයක්. ඔබට පෙනෙනවා ඇති, මෙහි කිසිදු හමුදා වස්තුවක් නොමැත. එය සිදු වූයේ පාන්දර හතරට, මිනිසුන් නිදා සිටියදී”.

යුක්රේනයේ ජනාධිපති වැල්දමීර් සෙලෙන්ස්කි පවසා සිටියේ හි හානියට පත් වූ නේවාසික ගොඩනැගිලි 10 අතර මහල් නිවාසය ද වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(බීබීසී)

Exit mobile version