දිනසේන රතුගමගේ –
ඇදිරි නීතිය පැවති කාලයේදී යාපනය ඇතුලු උතුරේ රා නිපදවන්නන්ගේ ආදායම සියයට දෙසිය පනහකින් ඉහල ගොස් ඇති බව උතුරු පළාත් සමුපකාර සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.
උතුරේ රා නිපදවන්නන් සමුපකාර සංවර්ධන මණ්ඩලය මගින් පාලනය වන රා නිපදවන්නන්ගේ සංගමයට අයත් නමුත් සුරා සැල් වැසිය යුතු නීතිය යටතේ රා වෙළද සැල්ද වසා දැමීමට සිදු වූ බව සමුපකාර සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
මේ හේතුව නිසා රා මිලදී ගන්නා ස්ථානද වසා දැමීමට සමුපකාර නිලධාරීන් පියවර ගෙන තිබේ.
නමුත් යාපනය ඇතුලු උතුරේ රා නිපදවන්නන් ඇදිරි නීති සමයේදී ඔවුන්ගේ ගම්මාන වල සිටම රා අලෙවි කිරීම නිසා ඔවුන් විශාල ආදායමක් උපයා ගෙන ඇති බව සමුපකාර සංවර්ධන මණ්ඩලය සදහන් කරයි.
යාපනයේ රා නිපදවන්නන් කියා සිටියේ සමුපකාර මගින් පාලනය වන රා මිලදී ගැනීමේ හා විකුණුම් මධ්‍යස්ථාන වලදී එක් කෝප්පයක් රුපියල් සියයකට අලෙවි වූ රා ඇදිරි නීතිය සමයේදී රුපියල් 400 ත් 500 ත් අතර මිලකට අලෙවි කර ගැනීමට හැකි වූ බවයි.
රා මදින්නන් රා මදින ස්ථාන වලටම පැමිණ ජනතාව රා පානය කලේ රා මදින්නන් නියම කල මිල ගණන් වලට බව පැවසූ යාපනයේ රා නිෂ්පාදකයින් වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් නිපදවන රා අලෙවි කිරීමට ස්ථානයක් නොතිබූ නිසා ඔවුන් අලෙවි කල හැකි සෑම අයෙකුටම රා අලෙවි කල බවයි.