රාජිතගේ කට වහන්න පොහොට්ටුවෙන් එන්නතක් අදී

යහපාලන ආණ්ඩු සමයේදී සෞඛ්‍ය ඇමතිව සිටියදී එන්නත් ජාවාරම් සිදුකිරීමට අනුබල දී ඒ පිළිබඳ විමර්ශන කරද්දී රජයේ දත්ත පවා මකා දැමීමට සැලැස්වූ රාජිත සේනාරත්න අද ජනතාව හමුවට පැමිණ එන්නත් ගැන ‘කයිවාරු ගසන’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදී සිදුවූ එන්නත් ජාවාරම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා කරන ලද පැමිණිල්ලේ ප්‍රගතිය පිළිබදව අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඒ කාලේ ජාවාරම්වලට කට වහගෙන හිටපු රාජිත දැන් ඇවිල්ලා කයිවාරු ගහනවා අපි තමයි හොඳටම කළේ කියලා . කළේ හොරකම. අපි තමයි හොඳටම හොරකම කළේ කියලා තමයි එයාලට කියන්න වෙන්නෙ. මේ ගැන අපි හෙවුවම ඒ තොරතුරු දත්ත පවා විනාශ වෙනවා.


රාජිත සේනාරත්න මෙරට සෞඛ්‍ය ඇමතිවරයා වෙලා හිටපු 2015-2019 කාලයේ මෙරට දැවැන්ත එන්නත් ජාවාරමක් සිදු වෙලා තියනවා. මම මේ පිළිබඳව විශේෂ සොයාබැලීමක් කරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. මම ඊයෙ දින එම පැමිණිල්ල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවා. මේ වෙද්දි ඒ තොරතුරු, රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියෙන් දත්ත විනාශ වීමක් සිදුවෙලා තිබෙනවා.

ඒ කාලෙදි එක්තරා එන්නතක් රු 395ක් වෙන්නේ සාමාන්‍ය ෆාමසියක. මේ එන්නත එන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරලා රජයේ රෝහල්වලට දාලා තියනවා රුපියල් 16000කට. මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරියේ තිබූ දත්ත විනාශ කිරීමක් වෙලා තියෙනවා. හරි සාධාරනව ඒ වැඩකටයුතු වෙලා තියනවනම් මේ එන්නත රුපියල් 395 ට තියෙද්දි ඖෂධ නියාමන අධිකාරීන් අනුමත කරලා රජයේ රෝහල්වලට රුපියල් 16000ට දැම්මේ ඇයි කියලා මං අහන්න කැමතියි. පැමිණිල්ලේ මේ සියලු විස්තර තියෙනවා. ඒ ආණ්ඩුවෙන් ඒක පටන් අරගෙන අපේ ආණ්ඩුවෙි නිලධාරීනුත් බැටන් එක අරගෙන දුවනවා නං අපි ඒ අයට විරුද්ධවත් පියවර ගන්නවා. මම ජනාධිපතිවරයාටත් මේ බව දැන්වූවා . මේ හොරකම කරන්න යනකොට ඒ දත්ත විනාශ කරපු අයව වහාම අත්අඩංගුවට අත් අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.

මම මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ 2021 අප්‍රේල් පස්වැනි දා. ජාතික ඖෂධ නියාමන අයිති අධිකාරිය ඖෂධ සංස්ථාව, ඖෂධ හා වෛද්‍ය සැපයුම් අංශයට එරෙහිවයි මම පැමිණිල්ල ඉදිරිපත් කළේ. 2015 සිට 2019 එම ආයතනවලින් තමයි අක්‍රමිකතා ඇවිත් තියෙන්නෙ.එතනදි වරදකරුවා වෙන්නේ කවුද කියලා විමර්ශනවලින් හොයාගන්න පුළුවන්. එන්නත් 800 ගණනක් මේ වන විට විමර්ශනයට ගැනෙනවා. රෝහල් වලට දළ වශයෙන් ඖෂධ වර්ග අටසියක් මිලදී ගැනීම කරනවා. එම එන්නත් අටසීයෙම විස්තර මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටිනවා.

ඖෂධ නියාමන අධිකාරීන් එක්තරා පෞද්ගලික ආයතනයකට දාපු ටෙන්ඩරයක් මේක. රජය ඖෂධවලට බිලියන ගණනක් වියදම් කරනවා. මේ ඖෂධ ගන්න රෝගීන්. අහිංසක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. දැන් ඇවිත් රාජිත එන්නත් ගැන මහා ලොකු විශ්ලේෂණ කරනවා. මේ කාලය තුළ ඔහු තමයි විෂයභාර ඇමති. වැරදිකරුවා කවුද කියලා විමර්ශණයෙන් අනාවරණය වේවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මං දන්න තරමින් හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා දත් දොස්තර කෙනෙක්. නැතුව වෛරසවේදය හෝ එන්නත් ගැන දන්න කෙනෙක් නෙවෙයි. දත් දොස්තරලා කියන ඒවා නෙවෙයි මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන විශේෂඥ වෛද්‍යවරු කියන ඒවා. ලෝක සෞඛ්‍ය සංවිධානය යම්කිසි එන්නතක් අනුමත කරලා තියෙනවා නං, රාජිත සේනාරත්න මහත්තයාගේ කාලේ හදපු NMRA එක අනුමත කරලා තියෙනවා නං යම්කිසි එන්නතක් ලෝකයේ යම් සමුදායක් ඒ එන්නත පාවිච්චි කරලා තියෙනවා නං තමයි අපේ රටට ඒ එන්නත ගේන්නේ. එහෙම නැතුව රාජිත මහත්තයලා ගෙනාව වගේ හොර එන්නත් නෙවෙයි.”

Exit mobile version