රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයෝ වර්ජනයකට සැරසෙති…

විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ බලපෑම නිස  අණුක ජීව රසායනාගාර පද්ධතියේ කටයුතු අඩාල වෙලා

ශ්‍රියානි විජේසිංහ –                                               

වෛද්‍ය පර්යේෂණායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ අත්තනෝමතික බලපෑමට යටත්ව දැනට වලක්වා ඇති   අණුක ජීව රසායනාගාර පද්ධතිය පවත්වාගෙන යාමට ඉදිරියේ දී ඉඩ ලබා නොදුණහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ගන්නා බව රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයින්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ (අයිඩීඒච්) ජීව රසායනාගාර පද්ධතියක් සෑදීමට වසර 3ක කාලයක සිට උත්සහ ගත්ත ද එහි සිටින විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා ඉඩ ලබා නොදුන්නේ යැයිද  හෙතෙම පැවසීය.

නොදන්නා වෛරසයක් රටකට ඇතුළු වෙන විට ඒ පිලිබඳව නිසි ලෙස පරික්ෂා කිරීම සඳහා මෙවැනි රසායනාගාරයක් තිබිය යුතු බැවින් ඉබෝලා , සාස්  වැනි වෛරසයන් පැතිර යන කාලයේදී මෙම රසායනාගාරය සෑදීම සදහා දැඩි උත්සාහයක යෙදුන ද එය ව්‍යර්ථ වුවේ යැයි හෙතෙම පැවසීය.


කොවිඩ් 19 වෛරසය මෙරටට පැමිණෙන විට දිනකට පීසීආර් පරික්ෂණ 4000ක් පමණ රසායනාගාර තාක්ෂණ වෘත්තිකයන්ට කළ හැකි බව පැසුව ද ඒ සඳහා අවස්ථාවක් ලබානොදුන්නේ යැයි රවී කුමුදේශ් මෙහිදී  පෙන්වා දුන්නේය..

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

“. මේ වනවිට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත රට පුරා රසායනාගාර මධ්‍යස්ථාන 12ක් ක්‍රියාක්මකයි. ඒවායේ අදටත් රසායනාගාර වෛද්‍ය වෘත්තිකයින් ස්වෙච්ඡාවෙන්  කැපවී කටයුතු කරනවා. සෞඛ්‍යය අමාත්‍යංශයේ ඇතැම් පාර්ශ්වකරුවන් උත්සාහ කරනවා අපට එන පරික්ෂණ අඩුකරලා ඒවා පිටතින් කර ගන්න.

ඒ විතරක් නොවෙයි රසායනාගාරයන්ට අවශ්‍ය උපකරණයන් ගෙන්වන තාක්ෂණික ඇගයීම් කමිටුවට වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් කවදාවත් කැඳවන්නේ නැහැ. ඔවුන් ගෙන්වන උපකරණ වලින් වැඩකරන්නේ අපි. ඒවායේ වැඩ කරද්දි අපට හුඟක් අඩුපාඩු අහුවෙනවා. අපිව ඒ කමිටුවට කැඳවන්නේ නැත්තෙ ඒ අයට අවශ්‍ය දේවල් කරගන්ක් ඕන නිසයි. 

කොවිඩ් 19 වෛරසය පරික්ෂා කරන රසායනාගාර වෘත්තිකයින් එය කරන්නේ ස්වෙච්ඡාවෙන්මයි. ඔවුන් මේ දේ කරන්නේ අනෙකුත් රසායනාගාර සේවාවන් කරගෙන යන අතරමයි. පැය 24 පුරාමට කිසිම දීමනාවක්, ඉල්ලුවේ නැහැ. ප්‍රවාහන පහසුකම් ඉල්ලුවේනැහැ අතිකාල ඉල්ලුවේ නැහැ. වරප්‍රසාද ඉල්ලුවේ නැහැ. ඒත් අපි ඉල්ලන එකම දෙය තමයි දැන් රට යථා තත්ත්වයට පත් වුණාට පසුව අණුක ජීව රසායනාගාර සේවාව ලංකාව තුළ ස්ථාපිත කිරිමට දැනට පුහුණුව නිම කර සිටින වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් 100 දෙනාව බඳවා ගන්න කියලා විතරයි. මේ සඳහා අපි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැන්නුම් දී සති 3ක් වෙනවා. ඒත් තවමත් ඊට පිළිතුරක් නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ගන්නේ රසායනාගාර සේවාව පවත්වාගෙන යාමට ඉඩලබා නොදෙන පාර්ශ්වකරුවන්ගෙන්ද යන්න පිලිබඳව අපට සැකයක් මතුව තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනවා “ යැයි හෙතෙම සදහන් කළේය. 

 

Exit mobile version