රට බංකොලොත් නොවෙන්න නම් ජනවාරියේ ගෙවන ඩොලර් මිලියන 500 නැවැත්විය යුතුයි !

වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල්

ශ්‍රි ලංකාව බංකොලොත් භාවයට පත්වීමෙන් බේරා ගැනීමට නම් කළ යුතු පළමු පියවර ලබන ජනවාරි මස 18 වැනිදා ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවා දැමීම කල් දැමීම බව ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය නිෂාන් ද මෙල් මහතා අවධාරණය කරන්නේ මෙම ණය මුදල ගෙවුවහොත් මෙරට විදේශ මුදල් සංචිතය බරපතල අන්දමට අඩුවන බවත් මේ හේතුවෙන් ඉදිරියට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඉන්ධන අතුළු භාණ්ඩ ආනයනය සඳහා වැය කිරීමට ඩොලර් ඉතිරි නොවනු ඇති බවය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන ආචාර්ය නිෂාන් ද මෙල් තවදුරටත් පෙන්වා දෙන්නේ මේ මොහොතේ ණය ගෙවීමෙන් වැලකීම රට බංකොලොත් භාවයට පත් කිරීමට වඩා සාධනීය පියවරක් බවය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නිෂාන් ද මෙල්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ පසුගිය දා මහ බැංකු අධිපතිවරයා උද්දාමයෙන් ප්‍රකාශ කළේ ලබන ජනවාරි මස 18 වැනිදාට ගෙවීමට නියමිත ව තිබෙන ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවන බවයි. අප මේ ණය ගෙවන්නට යන්නේ අපට විදේශ සංචිත වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් ඩොලර් ණය නොලැබෙන, එමෙන්ම විදේශ විනිමය අර්බුදයකට ලක්වූ අවස්ථාවක. අපට පවතින විදේශ විනිමය ප්‍රමාණවත් වෙන්නේ තව සති කිහිපයකට පමණයි. එවැනි පසුබිමක් තුළ අපට තිබෙන ලොකුම අභියෝගය සංචිත තර කර ගැනීම. එහිදී මුලින්ම කළ යුත්තේ මෙම ණය ගෙවීමට කල් ගැනීම. ඊට පසුව ණය ප්‍රතිව්‍යූහගත කරණය පිළිබඳව සාකච්ඡා කිරීම. එයින් ශ්‍රේණිගත කිරීමේ ආයතනවල විශ්වසනීයත්වයක් අප කෙරෙහි ඇති වී අපට ණය වර්ගීකරණවලින් ඉහළට යා හැකියි. එවිට අපට විදේශ ණය ලබාගෙන සංචිත තර කර ගත හැකියි. “යයිද සඳහන් කළේය.

Exit mobile version