රටේ කිසිම ඔක්සිජන් හිඟයක් නෑ… ධාරිතාව 4 ගුණයකින් වැඩි කරන්නත් පුලුවන්…

මේ වනවිට රටේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඔක්සිජන් කිසිම හිඟයක් නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය    මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.

යම් හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් සිංගප්පූරුවෙන් ඔක්සිජන් තොග ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේය.

“අපට වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතවන ඔක්සිජන් සැපයුම්කරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් නිශ්පාදනය කරන ධාරිතාව දියර ඔක්සිජන් ලීටර් 80,000 ක් . අපගේ අවශ්‍යතාවය 22,000 ක් පමණයි. නිෂ්පාදනය සිව් ගුණයකින් වැඩි කිරීමට අපට හැකියාව තිබෙනවා. එහෙත් හදිසි අවස්ථාවකදී අපි සිංගප්පූරුවෙන් ආනයනය කරන්න ලෑස්තියි. ”


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා පැහැදිලි කළේය.

Exit mobile version