දිනසේන රතුගමගේ –
යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා 18 දා උදෑසන මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන්ට ආරක්ෂක අංශ විසින් අවසර ලබා නොදීම නිසා ඔහු බලාපොරොත්තු සුන්ව ආපසු ගොස් තිබේ.
විග්නේස්වරන් එම ස්ථානයට පැමිනි පසුව පොලීසිය පවසා ඇත්තේ එම ස්ථානයේ යුද්ධයෙන් මියගිය ගිය පිරිසක් සැමරීමට අවසර ලබා දී නොමැති බවයි.
විග්නේස්වරන් සමග තවත් පිරිසක්ද පැමිණි නිසා ඊට අවසර ලබා දීම කිසිසේත්ම කළ නොහැකි බවත් එය කොරෝනා මර්ධන නීති රීති වලටද පටහැනි බවත්, ඒ නිසා ඊට අවස්ථාව සලසා දිය නොහැකි බවත් පොලීසිය පවසා තිබේ.
මේ අවස්ථාවේදී පොලීසිය හා හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අතර බහින් බස් වීමක් හා මත ගැටුමක් හටගෙන ඇත. නමුත් පොලීසිය ප්‍රධාන අමාත්‍යවරයාට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සදහා අවස්ථාව ලබා දී නොමැත.
පසුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සංගුපිටිය ප්‍රදේශයේ පැවති එවැනි උත්සවයක් සදහා පිටත්ව ගොස් තිබේ.