යාපනේ මිනිස්සු විරෝධතා ව්‍යාපාර සඳහා රැස් වූ ඉඩමට නගරාධිපති කම්බි ගසයි…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ දේශපාලන පක්ෂ වලට එරෙහිව හා වෙනත් කටයුතු වලදී විරෝධතා දැක්වීම සදහා විවිධ සංවිධාන විසින් තෝරාගෙන ඇති යාපනය නගරයේ පිහිටි භූමිය යාපනය නගරාධිපතිවරයා විසින් කම්බි ගසා වෙන් කොට එය කවරෙකුටවත් භාවිත කිරීමට නොහැකි තහනම් කලාපයක් බවට පත් කොට තිබේ.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වලට එරෙහිව මේ භූමියේ දින කීපයක්ම අඛණ්ඩ විරෝධතා දියත් වීමෙන් පසුව නගරාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර ඔහුගේ එම තීරණයට මේ වන විට දෙමළ දේශපාලන පක්ෂ කීපයකින්ම විරෝධයක්ද මතු වී තිබේ.
යාපනයේ සියලුම දෙනාටත් පිටස්තර ප්‍රදේශවල සිට යාපනයට පැමිණෙන පිරිසටත් විරෝධතා රැස්වීම් පැවැත්වීමට යාපනය නල්ලූර් පාරට ආසන්නයේ පිහිටි මෙම එකම හිස් ඉඩම මේ ඉඩම පමණක් වීම නිසා නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාවට යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේද විරෝධය එල්ල වී තිබේ.

Exit mobile version