යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී ප්‍රහාරයක්

දිනසේන රතුගමගේ –

යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේදී යුද හමුදා භට පිරිසකට පහර දුන්  තරුනයින් තුන් දෙනෙකු යාපනයේ  කෝපායී පොලීසිය මගින් 23 දා සවස අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පහර දීම සිදුව තිබුණේද 23 දා සවස් කාලයේය.

යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු වල නිරතව සිටි මෙම යුද හමුදා භටයින්ට ත්‍රීරෝද රථයකින් පැමිණි තුන් දෙනෙකු පහර දී පලා ගොස් තිබුණි.


මේ සම්බන්ධයෙන් යාපනයේ කෝපායී පොලීසියට තොරතුරු වාර්තාවීමෙන් පසුව පොලීසිය එම තරුණයින් යාපනයේ කෝපායී අනලතිව් හා සංගානෙයි යන පළාත් වල සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරය සදහා ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෝපායී පොලීසිය මෙම සැකකරුවන් තුන් දෙනාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version