යාපනයේ සියවසක් පැරණි ගණදෙවි කෝවිලකට හදිසි ප්‍රහාරයක්…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ කොඩිගාමම් හා මුරුසවිල් යන ප්‍රදේශ දෙක අතර මහා මාර්ගයේ ඉදිකොට තිබූ වසර සියයකටත් වඩා ඉපැරණි ගණ දෙවි කෝවිලක් කිසියම් පිරිසක් විසින් ඊයේ ( 8 ) රාත්‍රී කඩා බිද විනාශ කොට තිබේ.

යාපනය මාර්ගයේ ගමන් කරණ පිරිස් මෙම කෝවිල වැද පඩුරු දමා යාම අනාදිමත් කාලයක සිට පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇති අතර මෙම කෝවිලට හදියේම ප්‍රහාරයක් එල්ල වූයේ මන්දැයි යන්න සියළු දෙනාටම විශාල ප්‍රශ්නයක් වී තිබේ.

මේ පිළිබදව ගණදෙවි කෝවිලේ බාරකාර කුරුක්කල්වරයා කොඩිගාමම් පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය කෝවිල කැඩූ පුද්ගලයින්ව අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version