සිරිසේනට ඊළඟට වෙන්නෙ තමන්ටම ගහගහන්න… රනිල් කියූ කතාව!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෛත්‍රීපාල සිරිසේන  ඊලඟට කරනු ඇත්තේ තමන්ටම ගහගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ රජය සතු ගුවන් විදුලි නාලිකාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

හිටපු  රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන මේ කතාව කියන්නේ  මේ  වනවිට පොදුජන පෙරමුණට හා හිටපු  අගමැතිවරයාට මෛත්‍රීපාල සිරිසේනගෙන් එල්ලවන දරුනු ප්‍රහාරය කියන්නට ඇත්තේ කුමක් දැයි නිවේදකයා විසින් විමසන විටය.

“මම අගමැතිවෙලා ඉද්දි මේවට පිළිතුරු දුන්නේ නෑ. දැනුත් මේවට උත්තර දෙන්න මට උවමනාවක් නෑ. ඇත්තවශයෙන්ම ටිප් ටොප්ගෙන් පස්සේ ආව අමුතු දේශපාලන චරිතයක් තමයි සිරිසේන මැතිතුමා.“


“වර්ෂ 2015දි අපට පින්සිද්ධ වෙන්න ජනාධිපති වුනා. 2020 දි පොහෝට්ටුව තිබුණෙ නැතිනම් ඒ සැරේ තේරෙන්නෙ නෑ. එදා අපට ගැහුවා. අද පොහොට්ටුවට ගහනවා. එයා තනියම ආවොත් තමන්ට ගහගන්න වේවි.“

 

Exit mobile version