මේ මොහොතේ දිස්ත්‍රික් මට්ටමේ ලොක්ඩවුන් එකක් අනිවාර්යයි!

කොවිඩ් වසංගතය මේ වනවිට ඉතාම භයානක අවදියකට පැමිණ ඇති බැවින් මේ මොහොතේ දිස්ත්‍රික්ක මට්ටමේ ලොක්ඩවුන් තත්ත්වයක් අත්‍යවශ්‍යම බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවධාරණය කරයි.

තම සංගමයත් තවත් වෛද්‍ය සංගම් ගණනාවකුත් පවතින අවදානම මැද මෙම තත්ත්වයේ අත්‍යවශ්‍ය බව ලිපි මඟින් දැනුම් දුන් බවත් වෛද්‍ය ප්‍රනාන්දු තවදුරටත් පැවසීය.

අද සිටින රෝගීන් ගණනේ මරණ ලෝක සෞඛ්‍ය සංවිධානය ජිනීවා පුරෝකථනයක් දීල තියෙනවා රෝගීන් ගැන. මරණ වැඩිවෙන්න පුළුවන්. අද වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සමඟ මරණ සංඛ්‍යාව වැඩි නොවන්නේ තව සතියකින් පමණ බවත් මේ නිසා වහාම මේ තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.


“ඊයේ දිනයේ රෝගීන් 2672ක් පමණ වාර්තා වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරන්නේ සාමාන්‍යයන් දෛනිකව වාර්තා වන රෝගීන් ගණන මෙන් තුන් ගුණයක් ආසාදිතයන් එක් දිනයක් තුළ වාර්තා විය හැකි බවයි. ඒ අනුව මේ වසංගතය මේ වනවිට දරුණු අවස්ථාවකට ඇවිත්. මේ තත්ත්වයෙන් මිදෙන්න ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් හුදකලා කිරීම හරියට ඇරල තිබෙන ටැප් එකක් වහන්නේ නැතිව ගලා යන වතුර තෙත මාත්තු කරනවා වගේ වැඩක්.
ලොක් ඩවුන් කියන්නේ ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ වසා දැමීමක් නෙවෙයි. එය ඔස්ට්‍රේලියාව සාර්ථක ව කළා. ඔවුන් පැය විසි හතරම සුපිරි වෙළෙඳ සංකීර්ණ විවෘත කර, ඔසුසැල් විවෘත කර ජනතාව ඒකරාශී වන එක අඩු කොට ආර්ථික ක්‍රියාකාරීත්වයත් පවත්වාගෙන සිදු කළා. අපිටත් අපේ රටට ගැලපෙන ආකාරයට මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. එය අපට සකස් කළ හැකියි. මේ බව මේ වනවිට බලධාරීන්ට අප අවධාරණය කොට තිබෙනවා. යයි ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තීන්දු තීරණ ගන්නා දේශපාලන බල අධිකාරියට මේ වසංගතයේ ඇත්ත තත්ත්වය සඟවන බවයි. ඔවුන් මේ සත්‍යය සඟවන නිසා තීන්දු තීරණ ගැනීමේ අර්බුද පවතින බවත් මෙවැනි තත්ත්වයත් හමුවේ දේශපාලන අධිකාරිය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉතා අවබෝධයෙන් එකම අරමුණින් ක්‍රියාත්මක වීමේ වගකීම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

Exit mobile version