මේ නැනෝ නයිට්‍රිජන් දියර පොහොරට කැමති අය කාබනිකයි කියන්න… කැමති අය රසායනිකයි කියන්න… කෘෂිකර්ම ලේකම් කියයි!

කීර්ති ප්‍රනාන්දු –

ලංකාවට ගෙනෙන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර කැමති අයට රසායනික දියරක් ලෙසත් කැමති අයට කාබනික දියරයක් ලෙසත් හැඳින්විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මාධ්‍යය අමතා පැවසීය.

මෙම සතිය තුළදී පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ පහක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව ඔහු කීවේය.  අද (19) රාත්‍රියේ ඉන්දියාවේ සිට රැගෙන එන මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා සඳහන් කෙළේය.

ඉන්දියාවේ සිට අද (19) ශ්‍රී  ලංකාවට  රැගෙන එන මෙම විශේෂිත පොහොර  ලෝකයේ දියුණුම නැනෝ තාක්ෂණය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති උසස්ම පොහොරක් බවද   පරිසර හිතකාමි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද  ලේකම්වරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්ම අමාත්‍යාංශ කියන්නේ මෙම  නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය අද (19) රාත්‍රියේ ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ඒමට නියමිත බවය.

Exit mobile version