මුලතිවු පොලොව යටින් මෙතෙක් හමුවූ විශාලම බෝම්බය හමුවේ…

දිනසේන රතුගමගේ-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පුදුකුඩීරිප්පු ඉරණපාලෙයි ප්‍රදේශයෙන් කිලෝ ග්‍රෑම් 250 කට වඩා බර අධිබලැති විශාල ජීව බෝම්බයක් පොලීසිය විසින් ඊයේ ( 13 ) සොයාගෙන තිබේ.

පුදුකුඩීඉරිප්පු පොලීසිය ප්‍රකාශ කලේ යුද්ධය හමාර වීමෙන් පසුව මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද විශාලතම බෝම්බය මෙය බවයි.

ඉරණපාලෙයි ගම්මානයේ වැසියෙකුගේ ඉඩමක් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මෙම බෝම්බයෙන් කොටසක් පොලොවෙන් උඩට මතු වීමෙන් පසුව ඔහු ඒ බව පොලීසියට දැණුම් දී ඇත.

පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග පැමිණ පොලොව හාරා එම බෝම්බය ගොඩ ගෙන තිබේ.

මෙම විශාල ජීව බෝම්බය යුද්ධයේ අවසන් කාල වකවානුවේදී භාවිත කරණ ලද එකක් බවට විශ්වාස කරණ මුලතිව් පුදුකුඩීරිප්පු පොලීසිය එය පුපුරුවා විනාශ කිරීම් සදහා මුලතිව් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Exit mobile version