දිනසේන රතුගමගේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවකින් මල් ඉසිමින් ආරක්ෂක අංශ වල ගෞරවාචාර මධ්‍යයේ මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය 8 දා ආරම්භ වුණි.
කොවිලේ වාර්ෂික මංගල්ලය සදහා මෙවර ආරක්ෂාවට මෙන්ම විශේෂ ආරාධනයන් මත ආරක්ෂක අංශ වල විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී කොරෝනා නීති රීති ආරක්ෂා කරමින් කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවැත්වීමට අවශ්‍ය සියලු විධි විධාන යොදා තිබේ.
වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලට අසලින් ඇති මුහුදු තීරයෙන් මුහුදු ජලය ලබාගෙන ඒ මුහුදු ජලය පොල්තෙල් වෙණුවට උපයෝගී කරගෙන පහන් දැල්වීමට ඇති හැකියාව මේ කෝවිලේ විශේෂත්වයයි.
මෙය විශාල ආනුභව සම්පන්න ක්‍රියාවක් වශයෙන් සලකන හින්දු බැතිමතුන් විශාල පිරිසක් කෝවිලේ වාර්ෂික මංගල්ලයට සහභාගි වෙති.