මෑත කාලයේ එල්ල වුණු දරුණුම මැර ප්‍රහාරය මෙයයි… තුවාල බරපතලයි… වෛද්‍ය සංගමය කියයි!

මෑත කලයේ සිදුව දරුණුතම මැර ප්‍රහාරය  ඊයේ (9) දිනයේදී  සිදු වූ බවත,  අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ නිරායුධ අරගලකරුවන්ට සිදු කළ මැර ප්‍රහාරවලින් ඇතිව තිබෙන  තුවාල ඉතා බරපතල ඒවා බවත්   ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

පසුගිය කාලයේදී යම් යම් සිදු වීම් හේතුවෙන්  සිදු වූ මැර ප්‍රහාරවලට සාපේක්ෂව  පෙරේදා (9) සිදුවූ මැර ඉතා දරුණු එකක්  යැයිද සංගමය පෙන්වාදේ.

ඉදිරියේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වැලැක්වීමට වහාම කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් ඖෂධ සහ ශල්‍ය උපකරණයන් නොමැති කාලයක  ජිවිතවලට දැඩි තර්ජනයක් විය හැකියැයිද සංගමය පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද අනෙකුත් සේවාවන්ට සහ සෞඛ්‍ය සේවකයින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්වල  නිරත වීම හේතුවෙන්  රෝගී ජනතාව තව තවත් පීඩාවට පත්විය හැකි බවද සංගමයේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමන් ඩී ධර්මරත්න  පෙන්වාදේ.


Exit mobile version