මාසයක් මඩ වලක වැටී සිටි දළ ඇතා ඔසවයි…

දිනසේන රතුගමගේ –

වවුනියාව කනගරායන්කුලම පුදූර් ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ගේ ප්‍රතිකාර මධ්‍යයේ පසුවන දළ ඇතාව වන ජීවී නිලධාරීන් විසින් මාසයකට පමණ පසුව ඊයේ (9) බැකෝ යන්ත්‍ර හා ලීවරවල ආධාරයෙන් නැගිට්ටුවීමට පියවර ගෙන තිබේ.



මෙම දළ ඇතා වෙඩි වැදීමකින් හෝ වෙනයම් හේතුවකින් තුවාල සහිතව පුදූර් ප්‍රදේශයේ මඩ වගුරක ඇද වැටී සිටි අතර වන ජීවී නිලධාරීන් එම දළ ඇතාව මුලින්ම මඩ වලෙන් ගොඩට ගෙන ප්‍රතිකාර ආරම්භ කරණු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




තුවාල සඳහා ඉතා හොදින් ප්‍රතිකාර කිරීමට මෙම දළ ඇතාව නැගිට්ටවු බව පැවසූ වන ජීවී නිලධාරීන් තුවාල සහිතව දළ ඇතා වැටී සිටි දිනයේ සිට මේ දක්වාම සියලු කාර්යයන් සදහා යුද හමුදාවෙන් විශාල සහයෝගයක් ලබා දෙමින් සිටින බවද පැවසුවේය.


Exit mobile version