මානව හිමිකම්  කඩකළ පුද්ගලයෙක් පොලිස්පති වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කණගාටුව පළ කරයි!

බීබීසී –

 2010 දී පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙළිදරව් කර තිබියදීත් නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් ගේ පත්කිරීම පසුගිය සතියේදී තහවුරු කිරීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්   වෝල්කර් ටර්ක් (Volker Türk) සිය කනස්සල්ල පළකර තිබේ.

මේ තත්ත්වය මත ආරක්ෂක අංශ තුළ වෙනස් කිරීමක් සිදුකළ යුතු බවටද ඔහු විසින්  කරුණු අවධාරණය කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි 26 වැනිදා ජිනීවා නුවර දී  ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යාවත්කාලීන කිරීම් සිදුකරමින් කළ දේශනයේ දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩවීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කිරීමට හා නඩු පැවරීමට විශ්වාසනීය වගවීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.


2023 දී ප්‍රධාන වශයෙන් රටේ උතුරේ නැගෙනහිර පොලිසිය විසින් සිදු කළ බව කියනු ලබන ලිංගික ප්‍රචණ්ඩත්වය, පැහැරගැනීම්, නීතිවිරෝධී රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් පිළිබඳව තමා දැඩි අවධානයෙන් පසුවන බව මහ කොමසාරිස්වරයා පවසා තිබේ.

එකමුතුකම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් සඳහා රජය විසින් නීති කෙටුම්පතක් හඳුන්වා දුන්නද, විශ්වසනීය සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සඳහා පරිසරයක් නොපවතින බව ද  මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත.

මාර්ග ගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත, සංශෝධිත ත්‍රස්ත විරෝධී කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත කෙටුම්පත ඇතුළු නව පනත් මගින් මහජතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් සීමා කිරීමට රජය ප්‍රයත්න දරන අතරම මේ හරහා ආරක්ෂක අංශ වලට ඒවාට මැදිහත් වීමට මග සලසන බවටද මහ කොමසාරිස්වරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චෝදනවලට පිළිතුරු දුන්  ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලී අරුණතිලක මෑත අතීතයේ අභියෝග ජය ගැනීම සඳහා, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ආයතන සෑම විටම ස්ථාවරව පවතින බව සහතික කළ අතරම රටේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසන්ධාන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබා දුන් බව පෙන්වා දී තිබේ.

Exit mobile version