මහනුවර පොහොට්ටු අපෙක්ෂකයාගේ ටියුෂන් ගුරු සුහදහමුවට බලධාරීන්ගෙන් පොල්ලක්

මහනුවර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයකු දිනවීම සඳහා උපකාර පන්ති ගුරුවරුන් ඒකරාශී වූ සුහද හමුවක් දියාරු කොට විසිරුවා හැරීමට මැතිවරණ කොමිසමේ නියොජිතයන් සහ පොලිසිය පසුගියදා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ලංකාසරට වාර්තා වන ආකාරයට මෙම සුහදහමුව සහ රාත්‍රිභෝජන සංග්‍රහයක් පසුගිය බදාදා මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ පිහිටි ප්‍රකට හෝටලයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙම සුහද හමුව උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංවිධායකත්වයෙන් පවත්වන බවට ප්‍රකට වුවද එය සංවිධානය කිරීම පසුපස මහනුවර දිස්ත්‍රික්‍කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපෙක්ෂකයකු සිට ඇති අතර මේ බව පොලිසියට සහ මැතිවරණ කොමිසමට වෙනත් පාර්ශ්වයක් විසින් කරන ලද දැනුවත් වීම මත එම ස්ථානයට මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සහ පොලිසිය පැමිණ තිබේ.


ඔවුන් පැමිණෙන අවස්ථාවේ එම ස්ථානයේ අදාළ අපේක්ෂකයාද සිට ඇති අතර මෙම ස්ථානයේ සිදුවන කටයුතු මැතිවරණ පනත මෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීමට අදාළ මගපෙන්වීම්වලට විරුද්ධ වන හෙයින් එවැනි සුහද හමුවක් නොපවත්වන ලෙස පොලිසිය සහ මැතිවරණ කොමිසමේ බලධාරීන් ගේ මතය වී ඇත.

මෙම නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේද එහි සිටි අපේක්ෂකයා මුල ද එම අදහසට විරෝධය පෑවද පසුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වන අතර එම උපකාරක පන්ති ගුරුවරුන් ගේ සුහ හමුවද කඩාකප්පල් වී තිබේ. එසේ වුවද මෙම ගුරුවරුන් තම පන්තිවලදී තමන් සහය පළ කරන අපෙක්ෂකයාට මනාපයක් ලබා දී මට තම දෙමාපියන්ට බල කරන ලෙස සිසුන් ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම අපේක්ෂකයාට සහය පළ කිරීමට ටියුෂන් ගුරුවරුන් පෙළගැසී සිටින බවට වූ ආරංචිය සමඟ එය කඩාකප්පල් කිරීමට අදාළ බලදාරීන් දැනුවත් කොට ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේම අදාළ අපේක්ෂකයා තරග වදින ආසනයේ ඡන්ද බලාපොරොත්තුවෙන් හිඳින එම පක්ෂයෙන්ම තරග වදින දේශපාලකයකු බවටද වාර්තා වේ.

Exit mobile version