මහනුවර නාගරික වැසියන්ට ප්‍රමාණවත් ලෙස කාබනික පොහොර ලබා දීමට මහනුවර නගර සභාව සූදානම්

කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ රජයේ වැඩපිළිවෙල අරඹමින් මහනුවර නගර සභාව අද 1දා සිට කාබනික පොහොර සැපයිමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහනුවර නගර සිමා බලප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් තමන්ගේ අවශ්‍යතාවය මත නගර සභාවෙන් පොහොර ලබා ගැනිමට පැමිණිය හැකි අතර පොහොර කිලෝවක මිල රුපියල් 15ක් බව නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

රජයේ වැඩපිළිවෙල අනුව මේ වන විට කාබනික පොහොර නිෂ්පාදකයින් තෝරාගනිමින් මහපරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කර ඇති බවද, නොකඩවා ඉදිරියට මෙම වැඩපිළිවෙල දියත් කරමින් හිගයකින් තොරව කාබනික පොහොර සැපයිමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්මාන්තයේ යෙදී සිටින සෑම පුද්ගලයකුටම අවශ්‍ය ප්‍රමාණයෙන් කාබනික පොහොර ලබා දීමට තරම් පොහොර නගර සභාව සතුව ඇති බවද නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.

Exit mobile version