මධ්‍යම පළාතේ ප්‍රජා පොලිස් ඇණ හිටී… ප්‍රධාන පුහුණු නිලධාරියාට කොවිඩ්…

හෙට උත්සවය අවලංගුයි... මධ්‍යම පළාත් ඩී.අයි.ජී ඇතුලු නිලධාරීන් ගණනක් නිරෝධායනයේ...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රජා පොලිස් නිලධාරීන් පුහුණු කරනු ලබන ප්‍රධාන පුහුණු නිලධාරියාට කොව්ඩ් ආසාදිත නිසා හෙට (01) උදේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සමරු රඟහලේ දී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර හා ප්‍රජාපොලිස් අංශය භාර රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මධ්‍යම පළාත් ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීමේ උත්සවය දින නියමක් නැතිව කල් දමා තිබේ.

මෙම පුහුණු නිලධාරියා පසුගිය සතියේ පොත්තපිටිය ප්‍රජා පොලිස් ඒකකය පිහිටුවීමේ උත්සවයට සහභාගී වූ අතර එදින මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් ගණනාවකගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස කටයුතු කර ඇත.

මේ වනවිට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු එදින සමීප ආශ්‍රිතයන් ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනාගත් උසස් පොලිස් නිලධාරීන් සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

මෙම නිලධාරියා විසින් පසුගිය සති දෙක තුළ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරීන් 780ක් පමණ පුහුණු කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version