මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරියා විගණනයෙන් නිරුවත් වේ…

රාජ්‍ය දේපළ අයථා භාවිත කරමින් තමන්ට හිමි නැති තනතුරක සේවය කළ බව කියන පුද්ගලයකු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් විගණන පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය කොට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරී තනතුරට පත් කර ඇති නමුත් අදාල සුදුසුකම් සපුරා නැති බවත්,  ඔහු තම තනතුර සම්බන්ධව හිමි නැත වරප්‍රසාද භුක්ති විඳ ඇති බවත්  විගණන වාර්තා අනාවරණය කරගෙන ඇත.

අදාළ තනතුර උපාධිධාරී තනතුරක් වුවද මධ්‍යම පළාතේ හිටපු දේශපාලන ප්‍රධානියෙකු විසින් කට වචනයෙන් එම තනතුර අදාල පුද්ගලයාට ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.


මධ්‍යම පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හෝ පළාත් සභාවේ ප්‍රබල නිලධාරීන් කිසිවෙකුත් මෙම ඒකකය සම්බන්ධයෙන් හෝ නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු විමසා සොයා නොබැලීම පුදුමයට හේතු වී ඇත.

මෙම ඒකකයට පළාත් සභාවට අයත් කැබ් රථයක් ද මුදාහැර ඇති අතර එම වාහනය ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කර ඇති බවට දැනට සිදු කොට ඇති විගණන පරීක්ෂණ මඟින් හෙළිවී ඇත.

පල්ලෙකැලේ පලාත් සභා ගොඩනැගිල්ල පැවති මෙම ඒකකය අදාල  ප්‍රධානියාගේ අවශ්‍යතාවය මත මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය ඉදිරිපිට ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පවත්වාගෙන ගොස් තිබේ.

තවද මෙම ඒකකයට පාසල් කම්කරුවන් ලෙස පත්වීම් ලැබ සිටි පුද්ගලයින් අනියුක්ත කර ගැනීමට ද කටයුතු යොදා ඇති අතර ඔවුන්  කිසි දිනෙක තමන්ට නියමිත පාසැල් වෙත වාර්තා කොට නැති බව ද දිගින් දිගටම මෙම ඒකකයේ ම කටයුතු කර ඇති බවට ද පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය වී තිබේ.

අදාල ඒකකයේ ප්‍රධානියා ට සහ කැබ් රථයේ රියදුරුට අතිකාල දීමනා ගෙවා ඇති අතර සෙසු කාණ්ඩය ද යම් යම් අවස්ථාවලදී අතිකාල දීමනා ලබාගෙන තිබේ

විගණන පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව ඒකකය නැවත පල්ලෙකැලේ පළාත් සභා කාර්යාලය වෙත ගෙන ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පිරිසගේ කාර්යභාරය පිළිබඳ බලධාරීන් සහ නිලධාරීන් අවධානය යොමු නොකිරීමද ගැටලුවක් වන හෙයිනි මේ වන විට විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු හෙළිවීම නතර කර දැමීම පිණිස ප්‍රබල කණ්ඩායමක් කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

Exit mobile version