භාරකාර රජයකට වැඩිම ඉල්ලීම ආණ්ඩු අභ්‍යන්තරයෙන්… මැති ඇමති මන්ත්‍රී 35ක් සූදානම්…

කැබිනට් මණ්ඩලය විසුරුවා හැර වහාම භාරකාර ජයක් පිහිටුවන ලෙස දැඩිම ඉල්ලීම පැමිණෙමින් ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් බව වාර්තා වේ.

මෙම යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 හැරුණු විට ආණ්ඩුව    නියෝජනය කරන මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු තිස් පහකට වැඩි පිරිසක් එකඟත්වය පල කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව  පැවසේ.

මෙරට මුහුණපා ඇති අර්බුදවලට සැබෑ විසඳුම් ගෙනඒමට ජනාධිපතිට සහ ආණ්ඩුවට නොහැකි වූ බව පිළිගත යුතු බවත් ඒ අනුව සියලු පාර්ශව  එක් කරගෙන භාරකාර රජයකට යා යුතු බවත් එම යෝජනාව ගෙන එන මැති ඇමතිවරුන්ගේ මතය වී තිබේ.


මෙම යෝජනාව ඊයේ මුලින්ම ජනතාව අභියස තැබුවේ විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ඇතුළු කණ්ඩායම විසිනි. එම අවස්ථාවට ශ්‍රී.ල.නි.ප.ය සම්බන්ධ වී සිටියේ නැත. එහෙත් ඊයේ රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව භාරකාර රජයකට වහාම යා යුතු බවටවන යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

එසේ නොකරන්නේ නම් තම පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 මන්ත්‍රීවරු   ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් සමග වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තීන්දුව වහාම ජනපතිවෙත දැනුම් දෙන බවත් එම ප්‍රතිචාරය මත පක්ෂය කඩිනම් පියවරවලට යොමුවන බවත් ශ්‍රී.ල.නි.ප ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

 

Exit mobile version