ආගම් වාදය අවුලන ජෙරොම් පාදිලිගේ ඊලඟ “දේශනාව” සීඅයිඩී එකේ…. ජනපති අණින් පරීක්ෂණයක් ඇරඹෙයි…

රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු බලවත් ප්‍රභූ පන්තියක් වෙත ප්‍රබල බලපෑම් කරන බව ප්‍රකට බෝන් අගේන් නිකායේ තරුණ දේවගැතිවරයෙක් වූ  ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා විසින්  බුදුන්වහන්සේට අපහාස කරමින්     ආගමික සංහිඳියාවට හානි වන   ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහා  පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නියෝග කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත ඉහත නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි මනෝ රාජික වගකීම් රහිත හිතළු ප්‍රකාශ හේතුවෙන් අනවශ්‍ය ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් ඇතිවිය හැකි බවය.

ජනාධිපතිවරයා දුන් නියෝග ප්‍රකාරව වහාම පුලුල්  පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල පරීක්ෂණය ආරම්භ කර තිබේ.


Exit mobile version