බීමතින් ගිය ඉංජිනේරුවෙක් පොලිස් බයික් එක යටකර ගිහින් – පොලිස් නිලධාරීන් 2ක් රෝහලට

අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් බීමතින් කැබ් රථයක් පදවන විට එම කැබ්රථය අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වයෙක් ගමන් ගනිමින් සිටි පොලිස් යතුරුපැදිය යටකර තිබේ.

මෙම අනතුර ඊයේ පෙරවරුවේ සිදුවී ඇත.

රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාත් කොස්තාපල්වරයාත් රෝහල්ගතකර ඇත.


ස්ථානාධිපතිවරයාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඉංජිනේරුවරයා මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජකාරි වේලාව තුළ ඔහු බීමත්ව සිටි බව පොලීසිය සැකකරයි.

Exit mobile version