බල්ලන් බිරුවට තවලම නවතින්නේ නෑ… ඩඩ්ලි සිරිසේන ෆේස් බුක් සටහනක් තබයි!

Dudly-Sirisena

රටේ කෘෂිකර්ම ඇමතිත්  නොදත්, මහජන බදු මුදලින් නඩත්තු වෙන රාජ්‍ය නිළධාරීනුත් නොදත් වී ගොවිතැනේ සැබෑම කතාව  තමන් රට හමුවේ තබා ඇති බවත් බල්ලන් බිරුවා කියා තවලම නොනවතින බවත් අරලිය සහල් ව්‍යාපාරය හිමි ඩඩ්ලි සිරිසේන අද (09) අළුයම සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියයි.

“මගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න කාගෙන්වත් මට චරිත සහතික ඕනත් නෑ..“ ඔහු වැඩිදුරටත් කියයි.

ඩඩ්ලි සිරිසේන මේ සටහන තබන්නේ තමන් පසුගිය අප්‍රේල් 11 දා  පෙනී සිටි හිරු සලකුණ වැඩසටහනක වීඩියෝ කොටසක් උපුටා දක්වමිනි.


“රටේ ජනතාව කෝටි එකහාමරක් දවසකට හාල් ග්‍රෑම් 300 වැඩිකිරීම කොටි දෛනික අවශ්‍යතාවය ලක්ෂ 50යි. මාසෙට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ එකහමාරයි. මේ ප්‍රමාණය හදන්න වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දාහක් අවශ්‍යයි. අවුරුද්දට ඕන වී මෙට්‍රික් ටොන් විසි අට ලක්ෂ අසූ දාහක්. “

ආණ්ඩුවෙ කෘෂිකර්ම ඇමති මට බැන බැන ඇවිනවා. ඒත් දැනගත යුතුයි. අපි වී වැඩිමිලට වී අරන් ඔය කියන ගණන්වලට හංගලා නෑ.   වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිහක අස්වැන්න ආවත්   ගබඩා කරන්න  මේ රටේ ගබඩා නෑ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩි දුරටත් කීවේය.

Exit mobile version